
සුදු කොඩි නඩුවට අදාළ තීන්දුව හෙට (18) ප‍්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදී ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය හදිසියේම රටින් පිටව යෑම අධිකරණය ක්ෂේත‍්‍රය තුළ ද මේ
වන විට දැඩි ලෙස කතා බහට ලක් වී ඇත. සන්ඬේ ලීඩර් පුවත්පත් ආයතනය කුප‍්‍රකට ජාවාරම්කරුවෙකු වන අසංග සෙනෙවිරත්න මහතා විසින් මිලදී ගෙන ඇති බැවින් ඇය මින් ඉදිරියට ලීඩර් පුවත්පතේ කර්තෘවරිය ලෙස කටයුතු නොකරනු ඇතැයි ද වාර්තා වේ.ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සිරකිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ එක්වී සුදු කොඩි කුමන්ත‍්‍රණය දියත් කරනු ලැබුවේ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියයි.
ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියගේ හදිසි පලා යෑම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත ප‍්‍රකාශ කර සිටියේ සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්වීමෙන් පසු, ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය වෙත රට පුරා බලවත් ජනතා විරෝධයක් මතු විය හැකි බැවින් ඇය මෙසේ රටින් පිටව යෑමට තීන්දු කළා විය හැකි බවයි.
කෙසේ වුවද සුදු කොඩි නඩුවේ තීන්දුව 21 දක්වා කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් කළ එම නිලධාරියා, එකී තීන්දුව ජෙනරාල් ෆොන්සේකා මහතාට අවාසිදායක විය හැකි බවත්, ඒ අනුව ජෙනරල් ෆොන්සේකාට වසර 10ක සිරදඬුවමක් නියම විය හැකි බවත් සඳහන් කළේය.
කෙසේවුවද එවැනි බරපතල දඬුවමක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව, හෙට යෙදී ඇති ජනාධිපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් ෆොන්සේකා මහතාට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවටද නීතිපති දෙපාර්තමේන්තුවේ රාවයක් පැතිර යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජෙනරාල් ෆොන්සේකාට අදාළ සුදු කොඩි නඩුවේ තීන්දුව හෙට පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවට දහස් ගණනින් අධිකරණ භූමියට අසළට රැුස් වන්නැයි එජාප නියෝජ්‍ය නායකයින් වන කරූ ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සෙත්පතා එජාප නියෝජ්‍ය නායකයින් දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් අද රාත‍්‍රියේ විශේෂ බෝධිපූජාවක් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක මහතා විසින් සංවිධානය කර තිබේ.
No comments:
Post a Comment