Saturday, April 26, 2025

November 18, 2011

අධිකරණ භූමිය නොසන්සුන්

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අධිකරණ භූමිය අවට උණුසුම්කාරී තත්වයක් හට ගැණිනි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ෆොන්සේකා මහතා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන එනු
ලැබුවේ පිටුපස දොරකිනි. එහිදී උණුසුම්කාරී තත්වයක් හටගත් අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් රැස්ව සිටි ජනතාව විරෝධතාවයක නිරත විය.
අධිකරණ භමි‍යේ සිට බැස්ටියන් මාවත දක්වා ඔවුන් විරෝධතාවයේ යෙදිණි. එහිදී මාර්ගය දෙපස තිබූ ජනාධිපතිවරයාගේ විශාල ප්‍රමාණයේ බැනර් කඩා බිද දමන ලදී.


විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ වත්මන් පාලනයට අනුව මෙවැනි තීන්දුවකට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. එමෙන්ම මෙම තීන්දුව ජනාධිපතිවරයාට ලබාදුන් උපන්දින ත්‍යාගයක් බවද ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,290

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.