මීට පෙරාතුව පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනක රණවක මහතාගේ ඉල්ලීම මත නගරසභාවේ මුදලින් මෙම මාර්ගය සඳහා බෝක්කු දෙකක් ලබාදුන්නද ගෙවී ගිය වසර හතරක පමණ කාලයක් තිස්සේ එකී බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරදීමට කටයුතු කර නැති බව සඳහන් වේ.
ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මුදල් එක් රැස් කර මෙවර පළාත් පාලන
මැතිවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයකුගේ සහයෙන් බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරගත් බවත්,ඒ හේතුවෙන් මෙවර මැතිවරණයේදී රණවක මහතාට ඡන්දය නොදී මාර්ගය පිළිසකර කරදුන් අපේක්ෂකයාට ඡන්දයදීම නිසා ඔහු ප්‍රදේශවාසීන් සමග අමනාපයෙන් පසුවී තිබේ.
කෙසේ වෙතත් පිළිසකර කළ මාර්ගය යළිත් කඩා බිඳ දමා නගරාධිපතිවරයා විසින් අද පෙරවරුවේ මෙම බෝක්කු දෙක යළි රැගෙන ගොස් තිබේ.
No comments:
Post a Comment