Sunday, July 06, 2025

November 10, 2011

ශශී ලියූ භාර්යාවො තේමාගීතය එලි දකී

භාර්යාවෝ නැමැති ටෙලි නාට්‍යක් නිශ්පාදනය කිරිමට ඉදිකිරීම් හා ඉන්ජිනේරු අමත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමන්ගේ බිරිද ශශි විරවංශ මුල පුරා තිබෙනවා.ප්‍රවීන හා නවක කලා කරුවන් රාශියකගේ සහයෙන් දිග හැරෙන මෙම නාටකය තම ජීවිතයේ සිදුවු අත්දැකීම් සමුදාය අලලා සැකසූ නිර්මානයක් බව ඇය වැඩ් දුරටත් පවසයි.එහි තේමාගිතය පසුගිය දිනක එලි දැක්වුනා.එය පහතින් බලන්න.

භාර්යාවෝ හි තේමාගීය


දස පෙරුම් පුරා - පතිකුලය අරා
පෙරහැරේ යන්න - සුබ මඟු‍ල් පතා
සොඳුරු ලලනාවී ඈ සොඳුරු ලලනාවී....


සත් ගුණෙන් යුතුව - මෙත් සිතින් බැෙක්‍ෂන
යුග දිවිය පුරා - මිණි බඳුන
රකින ඈ
නාග කන්‍යාවී ඈ නාග කන්‍යාවී...


විඳින මනසට විඳින්නට හැර
කර්ම ද්වාරය හැර තබා
උත්තරීතර කුටුම්භය තුළ
පතිනිභාවය රකින්නී ඈ...
සසර පුරුදු ලෙස පෙරුම් පුරනා
යශෝදරාවී ඈ කින්නරා වී ඈ...


චෝර වධකය ස්‌වාමි වෙස්‌ගෙන
ජීවිතයෙ දොර අගුලූ‍ ලා
අන් සතු පෙම් උයන් වනසා...
එහිම නිරයක්‌ මවන්නී...


සතර අගතියෙ ගතිය මවනා
අපුල රුදුලිය ඈ...
කුරිරු රතැසිය ඈ...


මාතු භාර්යා, භගිනි භාර්යා, සකිනි භාර්යා, දාසි භාර්යා,
චෝර භාර්යා, වධක භාර්යා, ස්‌වාමි භාර්යා සප්ත භාර්යාවෝ///




පද රචනය - ශෂී වීරවංශ
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - නිරෝෂා විරාජිනී

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,391

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.