අදාළ පනත ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නොසිටීමෙන්ම ඒ බව තහවුරු වන බව හෙතෙම අවධාරණය කළේය.
කවුරුන් මොනවා කීවද පාඩු ලබන ආයතන රජයට පවරාගැනීම තුළින් සිදුවන්නේ යහපතක් බව විපක්ෂ නායකවරයා මෙන්ම මේ රටේ ජනතාවද හොඳින් දන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
එ.ජා.ප නායකයා විදෙස් ගතවන අවස්ථාවේදී නායකත්වයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය නායකයින් දෙදෙනකු සිටියදී ඒ දෙදෙනාම විශ්වාස නොමැති හෙයින් ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාට පැවරීම තුළින්ම එ.ජා.පයේ අර්බුදය මැනවින් පිළිබිඹු වන බව හෙතෙම සඳහන් කළේය.
No comments:
Post a Comment