Monday, April 07, 2025

December 31, 2013

බඩ විරේක වන වයඹ පළාත් සභාවේ ආපන ශාලාව

වයඹ පළාත් සභාවේ නිලධාරීන් මෙන්ම අඩු මුදලට කෑම ලබාගන්නට පහසු නිසා පිටින් පැමිණෙන අයද  භෝජන බුක්ති විඳින  වයඹ පළාත්සභාවේ ආපනශාලාව  ලඟකදී ඉඳන් තමන් විසින් සපයන කෑම වල විරේක බේත් ඇතිදෝ යන්න සැකයක් සභාව පුරාවටම පැතිර යන බව අපට දැනගන්නට ලැබුණි. මීට පෙර පළාත්සභාවේ ආපනශාලවෙහි මෙවන් ආහාරමය ප්‍රශ්නයක් ඇති නොවුන බවත් සති කීපයක සිට කෑම ලබාගන්නා සියලුම අයට සෞඛ්‍ය පිළිඹඳ ගැටළුවක් ඇතිවී ඇතැයි වාර්ථා වේ.

මොවුන් වැඩිදුරටත් පවසන්නේ මේ ගැටලුව පිළිඹඳව ආපනශාලාවේ සාමාජිකයන් දැනුවත් කළ නමුත් තවමත් ආහාරවල මේ ගැටලුව පවතින බවය.සුළු සේවකයින් නිලධාරීන්ට මේ ගැන පැමිණිලි කල නමුත් තවමත් මෙය  නිරාකරණය වී නැත.දිගින් දිගටම මෙම තත්වය උද්ගත වුවහොත් ආපනශාලාව වසා දැමීමට සිදුවන බවත් විශාල සෞඛ්‍යමය ගැටලුවකට සියල්ලන්ටම මුහුණ දීමට සිදුවනබවත් බොහොදෙනාගේ මතයයි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,273

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.