ජනවාරි 01 වෙනිදා සිට 90 ඔක්ටේන් පෙට්‍රල් වෙනුවට 92 ඔක්ටේන් පෙට්‍රල් භාවිතා කරන බව කීවද මෙතෙක් කාලයක් පිටරටින් ගෙන්වා ඛෙදා හැර ඇත්තේද 92 ඔක්ටේන් පෙට්‍රල්ම බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි. 95 ඔක්ටේන් කියා ඛෙදාහරින පෙට්‍රල්ද ගෙන්වන්නේ එම කාණ්ඩයේ පෙට්‍රල් නොවන බවද ඔව්හු පවසති.
මෙවැන්නක් අලූතින් වෙළෙඳ පොලට හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට ලංකාවේ ඉන්ධන ගෙන ආ යුතු නිසා බවත් එමගින් ශත 82 ක අලාභයක් විඳීමට සිදුවන බවත් පවසන්නේ ජනතාව මුලාවේ දැමීමට යැයි පවසන ඛනිජ තෙල් සංස්ථා තොරතුරු කරුවෝ මෙය ලඟදීම යලිත් වරක් ඉන්ධන මිල වැඩි කිරීමේ උපායක් බවද සඳහන් කරයි.
මෙතෙක් කාලයක් 92 ඔක්ටේන් ගෙන්වා 90 කියා ඛෙදා හැර දැන් කිසිදු වෙනසක් නැතිව ගෙන්වන පෙට්‍රල් එම කාණ්ඩයෙන්ම ඛෙදීමේදී කිසිදු ආකාරයකින් අලූතින් පාඩුවක් විඳින්න වෙනවා යයි කියන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරන ඛනිජ තෙල් සංස්ථා බලධාරීහු අලූතින් ඉන්ධන පිරවුම් යන්ත්‍ර ගෙන්වන්න යනවා කියන්නේ ද අලූතින් කොමිස් මුදලක් ගසා කෑමේ වැඩ පිලිවෙලක් බවද අවධාරණය කරයි.
මේ අතර ඛනිජතෙල් සංස්ථාව විසින් රුපියල් කෝටි 3600 ක ඉන්ධන පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ණයට ලබා දී ඇති අතර එම මුදල ලබා ගැනීමට නොහැකිව සිටිති. ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු කරවීම සඳහා මහත් සේවයක් කරන්නේ ශිරන්ති රාජපක්ෂගේ ඕ ලෙවල් පමණක් සමත් සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ඛනිජ තෙල් සංස්ථාව එම පාඩුවද මහජනතාවගේ පිට දමා ඉන්ධන මිල වැඩි කිරීමට 92 ඔක්ටේන් නාටකය රඟ දැක්වීම කර තිබේ.
January 7, 2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment