November 2, 2011

රටේ නිවැරදි දේශපාලනයක් ඇතිවූ දාට දේශපාලනයට එනවා - හිරුණිකා

මඩ ගැහුවට මම සැලෙන්නේ නැහැ

"තාත්තා අපෙන් වියෝවී එහි උණුසුම යැමටත් කලින් මා දේශපාලනයට පිවිසීමට අදහස්‌ කර ඇති බවට පැතිරී ඇති රාවය නිසා සමහරු මට මඩ ගහන්න පටන් ගත්තා. 

තාත්තාගේ මරණේ විකුණාගෙන කන්න යනවා කියලා.

මඩ ගැහුවට මම සැලෙන්නේ නැහැ. අද දේශපාලනය වඳවී ගෙන යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මට බැහැ දේශපාලනය කරන්න කියලා ඒගොඩට වැටෙන්න.

 

අවුරුදු 13 ක කාලයේ සිට දේශපාලනය පිළිබඳව දැඩි කැමැත්තකින් මා පසුවුණා. 

කවදාහරි මේ රටේ නිවැරැදි දේශපාලන තත්ත්වයක්‌ උදාවෙන දවසට මා දේශපාලනයට එනවා. ඒ දවස වසර පහකින් දහයකින් හෝ ඊට වැඩි කාලයකින් එන්න පුළුවන්. 


ඒ දවස උදාවෙනතුරු මා බලා සිටිනවා. මගේ පියාගේ මරණින් පසු මගේ මවත් දැන් ලෙඩ ගානට පත්වෙලා. එනිසා ඇය ගැන මා බැලිය යුතුයි".

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනික ප්‍රේමචන්ද්‍ර මෙම අදහස් පලකොට තිබුනේ අද(02) දිවයින පුවත්පත වෙතය.


REF:- Gossip9

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.