November 18, 2011

‘සෙන්ට් කිට්ස්’ හිදී රිෂ්නිගේ දැගලිලි නිසා නාමල් ඇන ගනී

පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 කී‍්‍රඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ වෙත ‘රෙඞ් චෙරී’ ආයතනය විසින් ගෙන ගිය සුරූපී තරුණියන්ගේ නොහොබිනා හැසිරීම නිසා ශී‍්‍ර ලංකාවට බලවත් කැළලක් ඇති වූ බව ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ නියෝජිතයෙකු අප වෙත පැවසීය.
මෙම වැඩසටහන සංවිධානය කිරීම ශී‍්‍ර ලංකාවේ පැවැති ‘අයිෆා’ උළෙල
සංවිධානය කළ ඉන්දියාවේ ‘විෂ්ක‍්‍රාෆ්ට්’ (Wizcraft International Entertainment Pvt. Ltd.) ආයතනය වෙත පවරා තිබුණද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත රිෂ්නි වීරරත්න නමැති තරුණියට අයත් ‘රෙඞ් චෙරී’ ආයතනය වෙත පවරා තීබේ.
රිෂ්නි වීරරත්න යනු ජනපි‍්‍රය ගායක ඉරාජ් වීරරත්නගේ සොයුරියකි.
රිෂ්නි වීරරත්න නාමල් රාජපක්‍ෂ මහතාගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ උපදේශිකාවක් ලෙසද කටයුතු කරන අතර, ඇය මේ දිනවල නාමල් රාජපක්‍ෂ මහතා සමග සමීප සබඳතාවයක් පවත්වා ගෙන යාමේ අනුහසින් ‘සෙන්ට් කිට්ස්’ වැඩසටහන සම්බන්ධීකරණය ඇය වෙත ලැබී තිබේ.
කෙසේ වුවද, රිෂ්නි මෙම කාර්යයන් සඳහා යොදවා ගෙන ඇත්තේ ‘කාම’ නයිට් ක්ලබ්හි නාමලී නමැති කාන්තාවකි.
නාමලීගේ මෙහෙයවීම මත ශී‍්‍ර ලංකාවේ සුරූපී තරුණියන් රැුසක් ‘සෙන්ට් කිස්ට්’ වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් කටුනායක ගුවන් තොටුපළින් ගුවන් ගත වූ මොහොතේ සිට වැඩසටහනට අදාළ කටයුතු පසෙකලා ශී‍්‍ර ලංකාවෙන් සහභාගි වූ නිලධාරීන්, කී‍්‍රඩකයින් හා ව්‍යාපාරිකයින් සතුටු කිරීමට වෙහෙසී ඇත. මෙම තරුණියන්ගෙන් වැඩි පිරිසකගේ ආකර්ශනය දිනා ගෙන ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ප‍්‍රධාන ජාවාරම්කරුවකු වන කැසිනෝ නිමල් පෙරේරා මහතාය.
නාමල් රාජපක්‍ෂ මහතා විසින් ‘සෙන්ට් කිට්ස්’ වැඩසටහන රිෂ්නිගේ ‘රෙඞ් චෙරී’ ආයතනය වෙත පවරනු ලැබූවද, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් හෝ ප‍්‍රවීනත්වයක් නොමැති බව මේ වනවිට හෙළි වී තිබේ.
රිෂ්නි වීරරත්න ‘ඉල් නොයිස් එන්ටර්ටේන්මන්ට්’ (ILL NOIZE Entertainmnet) ආයතනයේද අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කරයි.

















No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.