November 15, 2011

අධිකරනය අතේ තියාගත්තු දුමින්ද වහාම අත්තඩංගුවට ගන්න අධිකරන නියෝගය.

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අතඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා.

ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය

සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම්කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අද නියමිතව තිබුන අතර රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එයට සහභාගී නොවී මඟ හැර තිබුනා

එබැවින් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මෙම නඩුව පසුගිය 01 වැනිදා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබිණි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.