November 18, 2011

අද තීන්දුව

මෙම තීන්දුව ගැන මා පුදුම වන්නේ නෑ. මෙම නඩු තීන්දුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වේද යන්න ගැන නිතිඥවරු විශාල සංඛ්‍යාවක් මා හා සාකච්ඡා කරන විට මේ නඩු තීන්දුව මේ ආකාරයෙන් විය හැකියැයි මා හා කියා තිබුණා. මෙම අසාධාරණ තීන්දුවට එරෙහිවීමට වරාවැව විනිසුරු තුමාට කොන්දක් තිබීම ගැන මා සතුටු වෙනවා.

මා මේ නඩු තීන්දුව කිසි විටෙකත් පිළිගන්නේ නෑ. ෆෙඩි්‍රකා ජෑන්ස් මේ

පුවත පළ කිරීමට පෙර සුදු කොඩි රැගෙන ආ පිරිසකට වෙඩි තැබීමට අණ දුන්නාය යන කතාව ගැන ඩේලි නිව්ස් පුවත්පතේත් සන්ඩේ ලීඩර් පුවත් පතේත් පළ වී තිබුණා. මා කීවා කියන කතාවට පෙර මේ විනිසුරු මඩුල්ලත් එA ගැන කියවා තිඛෙන්නට ඇති. ජනාධිපතිවරණයක ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස කී කතාවකට වැරදි අර්ථ කථනයක් දී ඔහුට එරෙහිව නඩු පවරා සිරගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවන්නකි. එවැනි දේ සිදුවන්නේ එAකාධිපති රටවල පමණි.

මා තදින්ම දන්නවා මා අණ දුන් හමුදාව යුද අපරාධ නොකළ බව. ඔවුන් මා දුන් අණ අනුව ජාත්‍යන්තර නීති පිළිපදිමින් යුද්ධයේදී ක්‍රියා කළා. මා මිස වෙනත් කිසිදු නායකයෙක් එම වගකීම දැරුවේ නෑ.

යුද අපරාධ සිදු වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි, බිඳුනුවැව, ඇඹිලිපිිටිය සිසු ඝාතනය වැනි සිදුවීම් වලදී හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කළා. එA ගැන ජනතාව කතා කළා. එසේ කතා කළ පුද්ගලයන්ට එරෙහිව මෙසේ නඩු දාලා නෑ. මින්පසුව එවැනි සිදුවීමක් ගැන කතාකරන ජනතාවට පවා නඩු දමා සිරගත කළ හැකියි.

සුදු කොඩි නඩුවේදී මාධ්‍යවේදියකුගෙන් මට ආරංචි වුනා යැයි කියා පමණයි මා කියා ඇත්තේ. එවැන්නක් සිදුවුනාද නැත්ද යන්න සොයා බැලීම අධිකරණයේ වගකීමයි.
මේ නඩු තීන්දුවෙන් සිදුකර ඇත්තේ මා මගේ දරුවන්ගෙන් බිරිඳගෙන් තවදුරටත් ඈත් කිරීම පමණයි. මා මේ ගැන කණගාටු වෙන්නේ නෑ. මෙම සිර ද~ුවම ආශිර්වාදයක් සේ මා සලකනවා. අසාධාරණ ලෙස දුන් මේ නඩු තීන්දුවට මා විරුද්ධයි. මෙය අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක් මෙන්ම ප්‍රශ්ණාර්ථයක් වනු ඇති.

ස්වාධීන සාධාරණ අධිකරණ ක්‍රියාවලියට මෙය බරපතල ප්‍රශ්ණයක් වනු ඇති.

මේ අතර ජෙනරාල් ෆොන්සේකා වසර 3 ක සිර ගත කරන්නැයි දුන් නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බව නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැවසීය.

ෆොන්සේකා මහතා වරද කරු කළ 1 වන චෝදනාව වූයේ මහජනතාව අතර කැළඹිලි සහ රජය අප්‍රසාදයට පත් කිරීමේ ප්‍රකාශයක් සිදු කිරීම යන්නය

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.