November 2, 2011

භාරත ඝාතනයේ සැකකරුවෙක්‌ ලෙස දුමින්ද සිල්වා නම් කරන්නැයි නියෝග කරන්න

දුමින්ද සිල්වා ප්‍රකාශයක්‌ ලබා ගැනීමට තරම්
සුවදායක තත්ත්වයකට පත්ව නැහැ

-ප්‍ර. පො. ප. මෙරිල් රංජිත්
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සියලු සැකකරුවන් නම්කර ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා ඊයේ (01 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියෙන් ඝාතනයට ලක්‌වූ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හා අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජිත් ළමාහේවා මහතා කරුණු දක්‌වමින් සිද්ධියට අදාළව පොලිස්‌ භාරයට ගෙන රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවීමට යොමු කර ඇති නඩු භාණ්‌ඩ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දැනට අත්අඩංගුවට ගෙන ඇති දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්‌ඩාර හෙවත් ගලබොඩ, මොරවකදේවගේ සුරංග ප්‍රේමලාල් හා චමින්ද සමීර අබේවික්‍රම නමැති අය සැකකරුවන් ලෙස නම් කරන බව ද කියා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සමඟ විතානලාගේ අනුර තුෂාරද මෙල්, හෙට්‌ටිකංකානම්ලාගේ චන්දන ජගත් කුමාර, කොඩිප්පිලි කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සියලු සැකකරුවන් නම්කර ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා ඊයේ (01 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියෙන් ඝාතනයට ලක්‌වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හා අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජිත් ළමාහේවා මහතා කරුණු දක්‌වමින් සිද්ධියට අදාළව පොලිස්‌ භාරයට ගෙන රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවීමට යොමු කර ඇති නඩු භාණ්‌ඩ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දැනට අත්අඩංගුවට ගෙන ඇති දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්‌ඩාර හෙවත් ගලබොඩ, මොරවකදේවගේ සුරංග ප්‍රේමලාල් හා චමින්ද සමීර අබේවික්‍රම නමැති අය සැකකරුවන් ලෙස නම් කරන බව ද කියා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සමඟ විතානලාගේ අනුර තුෂාරද මෙල්, හෙට්‌ටිකංකානම්ලාගේ චන්දන ජගත් කුමාර, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, මංජුල ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, විඡේසූරිය ආරච්චිලාගේ මාලක සමීර, විදානගමගේ අමිල, හේමරත්නගේ චරිඳු අසංක, සිරිනායක පතිරණලාගේ චමින්ද රවී ජයනාත, සිබිල් මුනමුවර් මොහොමඩ්, රවී ජයනාත, හා අරඹවලගේ දොන් කෞෂාන් ධනංජය මධුසංඛ සිල්වා නමැති සැකකරු දහතුන් දෙනෙකු මෙහි සැකකරුවන් ලෙස නම් කර ඇති බවත් කියා සිටියේය.

පොලිස්‌ කොස්‌තාපල් විතානලාගේ අනුර තුෂාරද මෙල් නමැති සැකකරු ඊයේ (01 දා) පැවැති හඳුනා ගැනීමේ පෙරට්‌ටුවේදී ඉදිරිපත්වූ සාක්‌කිකරුවන් තිදෙනකුගෙන් එක්‌ අයකු හඳුනා ගැනීම මත ඔහු තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස ද ඉල්ලා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනෙක්‌ සැකකරුවන් දොළොස්‌ දෙනා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයන්ට අනුව රඳවා තබාගෙන පරීක්‍ෂණ පවත්වන බව පැවැසුවේය.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක්‌ සමඟ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් මරණ පරීක්‍ෂණ සාක්‌කිවලදී කියෑවුණු රෝහල්ගතව ඇතැයි කියෑවෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට සුවපත් වී ඇති බවත්, ඔහු විදේශ ප්‍රතිකාර සඳහා ගෙන යැමට ඇති සූදානමක්‌ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වන බවත් කියා සිටියේය.

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්‌ වන දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගෙන් විමසා සිද්ධියට අදාළව දුමින්ද සිල්වාගෙන් කට උත්තර ලබා ගත යුතු බව ද කියා සිටි පතිරණ මහතා ඒ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් දුමින්ද සිල්වා සැකකරුවකු ලෙස නම් කරන ලෙසට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී අධිකරණය ඇමතූ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධියට අදාළව ලබාගත් සියලු සාක්‌කි සටහන් තවම අධිකරණය වෙත ගොනු වී නැති බවත් සියලු විමර්ශන කරුණු සොයා බලා සුදුසු නියෝග නිකුත් කළ හැකි බවත් කියා සිටියේය.

ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජිත් මහතා කරුණු දක්‌වමින් සිද්ධියට අදාළව පවත්වනු ලබන පරීක්‍ෂණයන්ට අදාළව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ ගමගේ මහතාගේ අවසරය මත ඉකුත් 31 වැනිදා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතා බැලීමට ගිය බවත් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක වැතිර සිටි බවත් හිස බැන්ඩේඡ් කර තිබූ බවත් කියා සිටියේය.

ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතාව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයන්ති විඡේසේකර මහත්මියද පරීක්‍ෂා කර ඇති බව ද පැවසූ රංජිත් මහතා දුමින්ද සිල්වා මහතා ප්‍රකාශයක්‌ ලබාදීමට තරම් සුවයක නොමැති නිසා මේ වනතෙක්‌ ප්‍රකාශ ලබාගැනීමක්‌ සිදුකර නොමැති බව ද පැවැසීය.

රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති අනුර තුෂාරද සිල්වා නමැති පොලිස්‌ කොස්‌තාපල් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්‌වමින් අගතියට පත් පාර්ශ්වයෙන් පවසන ආකාරයට මෙහි දෙපාර්ශ්වයක්‌ ඇති බවට පැහැදිලි බවත් තම සේවාදායක සැකකරු නීත්‍යානුකූලව දුමින්ද සිල්වා මහතාගේ ආරක්‌ෂාව වෙනුවෙන් යෙදී සිටින පොලිස්‌ නිලධාරියෙක්‌ බවත් කියා සිටියේය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත්වූ සාක්‌ෂි තුළින් මිලිමීටර් 10 හා මිලිමීටර් 3.8 වර්ගයේ ගිනි අවි දෙකක්‌ ඔවුන් ළඟ තිබූ බවට ප්‍රකාශ වී ඇති බව ද පෙන්වා දුන් ප්‍රේමරත්න මහතා දුමින්ද සිල්වා මහතාට දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමට තරම් තුවාල සිදුවීම පිළිබඳව පරීක්‍ෂණයේදී සොයා බැලීමක්‌ නැති බව කියා සිටියේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබුවේ කවුද? ඔහු තමන්ටම වෙඩි තියා ගත්තාද? යන්න මෙහිදී එක්‌ පාර්ශ්වයකින් පැන නගින ප්‍රශ්නයක්‌ වන බවද එයත් මිනීමැරුමට තැත් කිරීමක්‌ බවත් පැවසූ ප්‍රේමරත්න මහතා මෙම සිද්ධියේ දෙපාර්ශ්වයක්‌ ඇත්නම් දෙපාර්ශ්වයම සොයා බැලිය යුතු බවත් පෙන්වා දුන්නේය.

එහිදී කරුණු දැක්‌වූ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා තවම මෙහි පරීක්‍ෂණ අවසන් නොමැති බවත් අවට ප්‍රදේශවාසීන් 40 දෙනකුගේ පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් කියා සිටියේය.

මෙම සිද්ධිය දුමින්ද භාරත සිද්ධි සමුදායක්‌ බව ද ඉදිරිපත් ව ඇති කරුණු හා සාක්‌කි අනුව ඉදිරි පියවර ගන්නා බව ද පොලිස්‌ පරීක්‍ෂකවරයා පැවසුවේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි ඉල්ලීම්වලට අවසර ලබාදෙමින් සැකකරු විතානලාගේ අනුර තුෂාරද මෙල් ලබන 15 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් එදිනට සියලු සටහන් සමඟ සියලු සැකකරුවන් නම්කර ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
 ආරච්චිගේ ලංකා රසාංජන, මංජුල ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, විඡේසූරිය ආරච්චිලාගේ මාලක සමීර, විදානගමගේ අමිල, හේමරත්නගේ චරිඳු අසංක, සිරිනායක පතිරණලාගේ චමින්ද රවී ජයනාත, සිබිල් මුනමුවර් මොහොමඩ්, රවී ජයනාත, හා අරඹවලගේ දොන් කෞෂාන් ධනංජය මධුසංඛ සිල්වා නමැති සැකකරු දහතුන් දෙනෙකු මෙහි සැකකරුවන් ලෙස නම් කර ඇති බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.