November 4, 2011

දුමින්ද සිල්වාගේ මිලියන 17 රක්ෂණ මගඩිය

දුමින්ද සිල්වා විසින් සිදුකරන ලද රක්ෂණ වංචාවකට මේවනතෙක් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන නොමැතිබව වාර්තාවේ.

මන්ත්‍රීවරයා විසින් තම වාහනයට මිලියන 17 වන්දි ඉල්ලා ජනශක්ති රක්ෂණ සමාගම වෙත පසුගිය අගෝස්තු මාසයේදී ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

වාහනයට සිදු වූ අලාභය තක්සේරු කිරීමටත් ප්‍රථම එම වාහනය වෙනත් වාහනයක් මගින් බොරැල්ල පොලිසිය (බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද සිල්වාගේ මිතුරෙකි)වෙත ඇදගෙන විත් නතරකොට ඇත.

ජනශක්ති රක්ෂණ සමාගම විසින් මන්ත්‍රීවරයා සිදුකල මෙම පැමිණිල්ල පිලිබඳ රහසේ සිදු කල පෞද්ගලික පරීක්ෂණයකින් අනතුරුව හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා ඔහුගේ වාහනය රක්ෂණය කොට දින දෙකකින් මෙම අනතුර සිදුවී ඇති බවයි.


ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ කල ඔවුන්ට සොයාගෙන ඇත්තේ වාහනය සත්‍යය ලෙසම අනතුරට පත්ව ඇත්තේ එයට දින හයකට පෙර එනම් වාහනය රක්ෂණය කිරීමටත් ප්‍රථමයෙන් බවයි.

ඒ අනුව වාහනයේ අලාභය තක්සේරු කිරීමට බොරැල්ල පොලිසියට ගිය රක්ෂණ නියෝජිතයාට දුමින්ද සිල්වාගේ මැරයන් විසින් තර්ජනයකොට වෙනත් නැවත පාවිච්චියට ගත නොහැකි සේ අනතුරකට පත් එම වර්ගයේ රථයක ජායරුප ඔහු වෙත ලබා දී ඇත.

තමාගේ මිලියන 17 ක රක්ෂණ වන්දිය ඉල්ලා දිගින් දිගටම දුමින්ද සිල්වා කරදර කරන්න වුයෙන් අවසානයේ එහි හිමිකරුටද බැන තර්ජනයකොට ඇත්තේ රක්ෂණ වන්දිය නොදුන්නොහොත් බලාගමු යන්නෙනි.

දුමින්ද මෙම දුරකථන ඇමතුම රක්ෂණ සමාගමේ හිමිකරුට ලබාදෙන විට එම ආයතනයේ නිතිඥයාද ඒ අසල සිට ඇති අතර හිමිකරු විසින් දුරකතනයේ ලවුඩ් ස්පිකර් ඕන කර ඔහුටද මෙම තර්ජනය ඇසීමට සලස්වා ඇත.

ඉන්පසුව එම නීතිඥවරයා හා හිමිකරු විසින් දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්ද ගොනුකොට ඇත.


Ref: gossip9

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.