November 11, 2011

දුමින්දට වෙඩි තැබූ අය සෙවීමට විශේෂ ඒකකයක්

ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ අය සෙවීම පසෙක තබා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නොහොත් 'කුඩු දුමින්ද' මහතාට වෙඩි තැබූ අය පිළිබඳව විමර්ශනය කොට වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ආරක‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක‍ෂ මහතා විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව
වාර්තා වේ.
කොළඹ මධ්‍යම දිසාව සහ කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක‍ෂකවරයෙක් සාජන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් මෙම විශේෂ ඒකකයට අනුයුක්ත කොට තිබේ. මෙම විශේෂ ඒකකයට අමතරව අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ මෙම විමර්ශන සිදුකරනු ලබයි. මෙම විමර්ශනයන් හි පවතින උදාසීන බව හේතුකොට ගෙන ඒ පිළිබඳව රහස් පොලිස් අධ්‍යක‍ෂකවරයාට දැඩි ලෙස දොස් පවරා ඇති ආරක‍ෂක ලේකම්වරයා තමාට විශේෂ හිතවත්කමක් ඇති නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හට මෙම කාර්ය පවරා තිබේ.
මෙම පොලිස් විමර්ශනයන්හි ප්‍රගතිය පිළිබඳව Lanka News Hora වෙත කරුණු දැක්වූ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයේ සාමාජිකයෙකු පවසා සිටියේ zභාරත ඝාතනයේ පරීක‍ෂණ 90% කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අවසන් වී ඇතැයිද එම විමර්ශනයන්ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම සිද්ධියට වගකිවයුතු නැති බවට තහවුරුවන ආකාරයෙන් සියලූම වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණය වෙත ගොනුවී ඇති හෙයින් නුදුරු දිනයකදී කුඩු දුමින්ද මහතා හැර අනෙක් සැකකරුවන්ට නඩු පැවරීමට අවස්ථාව ඇති බවත්ය.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.