November 11, 2011

දේපළ පවරා ගැනීමේ තිත්ත ඇත්ත අගමැති කටින් එලියට

"කොළඹ නිකං තිබෙන ඉඩම් අරන් දක්ෂ අයට ලබාදීම" ඌන කාර්ය සාධන ව්‍යාපාර සහ ඌන උපයෝජිතා වත්කම් පුනරුද කිරීමේ පනත ගෙන ඒමේ අරමුණක් බව අගමැති දි.මු. ජයරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු එහිදී පෙන්වාදුන්නේ එම ඉඩම් දක්ෂ අයට ලබාදී ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුව ඇති බවයි.
" වෙන පනත්වලට වඩා මේක පැහැදිලියි. රජයේ ඉඩම් ගොඩනැඟිලි පුද්ගලයන්ට දී තිබෙනවා. ඒ කළේ රැකියා ලබාදී ජනතාවට සේවයක්‌
ලබාදීම. ඒ කාර්යය කෙරෙන්නේ නැත්නම් ජනතාවට උවමනා කරන ක්‍රියා නිසි ලෙස අනුගමනය නොකෙරේ නම් ඒවා පවරාගෙන ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. ජාතික ආදායම් වැඩිදියුණු කර රට නඟාසිටුවීමයි කළ යුත්තේ. කොළඹ නිකං තියෙන ඉඩම් අරන් දක්‍ෂ අයට දී ඒ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු නොවේද? මේ ඉඩම් ලබා දුන් පසු නියම ප්‍රයෝජනයක්‌ සිදුනොවේ නම් ඒවා පවරාගෙන ප්‍රයෝජනයක්‌ කිරීම විපක්‍ෂයෙත් ආණ්‌ඩුවෙත් වගකීමක්‌."  යැයි අගමැතිවරයා එහිදී පැවසීය.
ආණ්ඩුව මෙම පනත හරහා යළි අත්පත් කරගැනීමට යෝජනා කර ඇති දේපළ බොහොමයක් එක්සත් ජාතික පක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දියත්කළ පෞද්ගලීකරණ වැඩ පිළිවෙලවල් යටතේ එම ආණ්ඩුවල හිතවතුන්ට කුණු කොල්ලයට ලබාදුන් දේපලය. ඒ අනුව ආණ්ඩුව සැරසෙන්නේ තම දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් එම දේපළ ලබාගෙන ඒවා තම "දක්ෂ" හිතවතුන්ට ලබාදීමට නොවේද? ආණ්ඩුව කියන ආකාරයට මෙම දක්ෂ හිතවතුන් කවරුන්වනු ඇත්ද? එය අනිවාර්යයනේම, ඉන්දීය, චීන හෝ වෙනත් විදේශිය සමාගමක් විය හැකිය. එසේත් නැතිනම් රාජපක්ෂ පවුලේ අයෙක් විය හැකිය.
ඒ අනුව හදිසි පනතක් ලෙස කඩිමුඩියේ ගෙනා මෙම පනත හරහා සමාජයට කිසිදු සෙතක් සිදු නොවන අගමැතිවරයාම තහවුරු කර තිබේ. පනතා හරහා සිදුව තිබෙන්නේ දේශපාලන පලිගැනීම් සහ තම හිතවතුන්වෙත දේපළ ඒකරාශි කරගැනීම සදහා රාජ්‍යය භාවිතා කිරීම පමණි. 

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.