November 11, 2011

වෙබ් අඩවි තහනමට එරෙහිවීම රටට එරෙහිවීමක් - මාධ්‍ය ඇමැති

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවද,    රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස්  ලෙස හැඳින්වීම වරදක් නැතැයිජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තායිලන්තය චීනය ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද  ඒ මහතා සදහන් කරයි.

අනුව, වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියා මාර්ග හරහා මාධ්‍ය නිදහස් සුරක්ෂිත වන බවත්එමෙන්මාධ්‍ය ලේබලය ඔස්සේ ජනමාධ්‍යයේ කීර්ති නාමයට සිදුවන හානිය වැළකී යන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැතිවරයා අවධාරණය කර සිටියි.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැතිවරයා එම කරණා සදහන් කර ඇත්තේ, ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයිරඹුක්වැල්ල මහතා කියා සිටියි.

මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා පවසයි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.