November 20, 2011

සරසවි සිසුන් ත‍්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක් - සජීව බණ්ඩාර

විශ්වවිද්‍යාල සිසුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නිරතවීමට උත්සාහ දරන බවට සමාජ මතයක් නිර්මාණය කර සරසවි තුළට යුද හමුදාව සහ පොලීසිය මැදිහත් කිරීමේ වැඩපිළිවෙල ජනතාව හමුවේ සාධාරණීකරනය කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි.
ඒ සඳහා ආණ්ඩුව මේ වනවිට විශ්වවිද්‍යාල තුළ බෝම්බ සහ අවි ආයුධ
තිබීහමුවූ බවට අසත්‍ය ප‍්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව පැවසුවේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අත්බෝම්බ කිහිපයක් තිබී හමුවූ බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
‘‘මෙය හිතාමතා සැලසුම් සහගත ලෙස ආණ්ඩුව විසින් නිර්මාණය කළ ප‍්‍රවෘත්තියක්, මෙවැනි වර්ගයේ ප‍්‍රවෘත්ති පළවූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයකින් ටී-56 ජීව උණ්ඩ හමුවූ බවට පුවත් පළ වුණා. මෙයින් පෙනෙන්නේ මෙවැනි පුවත් සෑම විශ්වවිද්‍යාලයක් තුළින්ව නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි.....
ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න, ඒ වගේම අධ්‍යාපන පෞද්ගලීගරණයට එරෙහිව සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල තුළට පොලිසි සහ හමුදාව මැදිහත් කරමින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත මර්දනය සඳහා අවශ්‍ය සමාජ අනුමැතිය ලබාගන්න. විශ්වවිද්‍යාල තුළ සැලසුම් සහගත ලෙස මේ ආකාරයෙන් ආයුද සඟවා පසුව ඒවා අත්අඩංගුවට ගත් බවට ප‍්‍රවෘත්ති පළ කරමින් සමාජය තුළ සිසුන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සූදානම්වන බවට බියක් නිර්මාණය කිරීම සහ පසුව ඒ බිය දඩමීමා කර ගනිමින් විශ්වවිද්‍යාල තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත සියලූම ආකාරයේ මර්දනයන් සාධාරණීකරනය කරගන්න තමයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ.....
ශිෂ්‍ය ව්‍යාපාරයට අරගලයක් තියනවා, ආණ්ඩුවත් සමග කරන අනවරත අරගලයක්. ඒ අරගලය මේ මොහොතෙත් අඛණ්ඩව කරනවා. ඒ අරගලය කියල කියන්නේ අත්බෝම්බ ගහලා, පුද්ගලයකු මරා දමන අරගලයක් හෝ, ටී-56න් වෙඩි තබල කරන අරගලයක් හෝ නෙවෙයි. වීදියේ මහ පාරේ ජනතාවත් සමග කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක්. එය රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්, ආචාර්යවරු, බුද්ධිමතුන් සහ මහජනතාව සමග එකතුවෙලා කරන අරගලයක්.....
එම නිසා රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ කුමන්ත‍්‍රණවලට රැවටෙන්න එපා. මෙවැනි ප‍්‍රවෘත්ති මතු පිටින් වෙනුවට ගැඹුරින් සහ එහි අර්ථයෙන් තේරුම් ගන්න කියලා....’’

2 comments:

  1. බල්ලට ගිය රට....

    ReplyDelete
  2. menna thiyanawaa lankawe ada thathwaya. may link eken balanna.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.