November 23, 2011

රනිල්ට සමලොංගික චෝදනාවක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි. ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත. ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව
එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ පක්ෂ නායකයා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණට ලිංගික යෝජනාවක් ඉදිරිපත් කර ඔහු එයට අකැමැති වූ පසු බුද්ධිකගෙන් පළි ගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවයි. මේ ඉලංදාරියා හිටි හැටියේ එජාපයේ නායකයන් වූයේ කෙසේ ද යන්න ද සොයා බැලීම වටී. ඒ කාලයේ ඔහු අපයෝජනයට ලක් වුණා නම්, එය ද වැරදි විය යුතු ය. පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මව්පියන් තරුණයන් පක්ෂ කටයුතු සඳහා එවීමට අකැමැති බව ද චෝදනා පත්‍රයේ සඳහන් වන බව ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි.
අපි ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යන දෙකින් එකක් වඩා හොඳ යයි හුවා දක්වන්නේ නැත. ඒ වනාහි පුද්ගල නිදහස හා බැඳුණු තත්වයකි. මේ දෙක ම මිනිස් සමාජයේත්, වෙනත් සත්වයන් අතරත් සුළුතර පිරිසකගේ රුචියක් ලෙස තිබී ඇත.
එහෙත් රටේ පවතින නීතිය අනුව සමලිංගිකත්වය නීති විරෝධී ය. එහෙයින්, විරුද්ධ ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම හා සමාන ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම දෙස සමාජය බලන්නේ දෙවිධියකට ය.
සමලිංගිකත්වය තුළ බහුලව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ දීර්ඝකාලීන සම්බන්ධතා වෙනුවට කෙටිකාලීන සබඳතා හා එක සහකරුවකු සේවනය කිරීම වෙනුවට බහු සහකාර සේවනයයි.
එසේ වන්නට ඇත්තේ පිළිගත් ලිංගික සබඳතා වන විෂම ලිංගික ඇසුර 'ශික්ෂණය' කිරීම සඳහා ගොඩනැඟුණු පවුල්, සමාජ හා සංස්කෘතික ආදී බලපෑම් අසම්මත යයි සැලකුණ සමලිංගිකත්වය තුළ ගොඩ නොනැඟීම වන්නට පුළුවන.
විෂම ලිංගිකයන් වුව ඉහත කී ශික්ෂණයන් නොමැති නම්, බහු සහකරුවන් සේවනයට නිතැතින් පෙළඹෙනු ඇත. තෘප්ත නො වුණ මේ ලිංගික ආශා විෂම ලිංගිකයන්ගේ ජීවිතයට බලපාන බව පැහැදිලි ය.
ලිංගික තෘප්තිය හා සමලිංගිකත්වය අතර සම්බන්ධය සම්මත මිනුම් දඬුවලින් විග්‍රහ කිරීම දුෂ්කර ය.
සමලිංගික රුචිකත්වයන් ද සම්මත මිනුම් දඬුවලින් තේරුම් ගැනීම දුෂ්කර ය. මර්වින් සිල්වා කියන පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඔහුට ඇති වූ ලිංගික බලපෑම් නිසා ය. අදාළ හඬ පටයට සබඳතා පුරුක මෙතැන ඇත.
රනිල් තමන් ළඟටත් ආවා ය කීමෙන් මර්වින්ලා, බුද්ධිකලා උත්සාහ කරන්නේ තමනුත් මාර පොරවල් ය කියා කීමට ය.
ඔය කතාවල ඇත්ත නැත්ත  බලා ගන්නට පුළුවන් රනිල් මේ රටේ රාජ්‍ය නායකයා වුණොත් එහෙම බටර් එහෙම අරගෙන නිල මන්දිරය පැත්තේ කැරකෙන කට්ටිය අතර මේ අය ඉන්නවා ද නැද්ද යන්න පරීක්ෂා කළ විට ය.
කෙසේ වෙතත්, රනිල්ගේ රුචිකත්වය ගැන නම් අපටත් දුක ය.
සමලිංගිකයන් සම්බන්ධයෙන් මේ රටේ පිරිමින්ගේ සාමාන්‍ය අත්දැකීම වන්නේ එවැන්නන් නිතර තමන් ළඟට එන බව හා ගැහැනුන් සමග පමණක් ලිංගික සබඳතා පවත්වන 'මාර හොඳ පොරක් වන' තමන් පැන දුවන බව ය. 
කෙසේ වෙතත්, මේ චෝදනාව රනිල්ගේ දේශපාලන අනාගතයට බරපතල අභියෝගයක් වන බව අපේ අදහසයි. ඔහුගේ විරුද්ධවාදීන් මේ චෝදනාව ගෙන එන්නේ අවසන් තුරුම්පුව ලෙසයි. මන්ද, මේ වනාහි උඩ බලාගෙන කෙළ ගැසීමක් වන හෙයිනි.
මෙම චෝදනාව ඔස්සේ එජාපය බෙදෙන්නේ අපූරු ආකාරයකට ය. එනම්, රනිල් සමග ඒ වැඩේ කළ අය හා නො කළ අය ලෙස ය.
අනෙක් පැත්තෙන්, නගර හා ගම්වල ජීවත් වන ලාංකික ගැමියන් අතර රනිල්ගේ ප්‍රතිරූපය මෙම චෝදනාව විසින් තටු ලබා දෙන කට කතා විසින් සුන්නද්දූලි කර දමනු නිසැක ය. 

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.