November 26, 2011

විනිසුරු දිපාලිගේ සතුට

ජෙනරාල් ෆොන්සේකාට වසර 3 ක් සිර දඬුවම් නියම කරමින් සුදු කොඩි නඩුවේ තීන්දුව දුන් කුප්‍රකට දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියට අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීමක් ලබා දී තිබේ.ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කර තිබිණ.ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල විනිසුරු විනිසුරුවරියන් 7 දෙනෙකු සිටියදී මෙම පත් කිරීම සිදුකර ඇතැයි විනිසුරු ආරංචි මාර්ග පවසයි.කේ.කේ.එස්.ජී.එෆ් පෙරේරා මහාධිකරණ විනිසුරුවරයා තමාට
ලැබීමට නියමිත උසස්වීම ගැන විමසා ජනාධිපති ලේකම් වරයාට ලිපියක්ද ඉදිරිපත් කර තිබී ඇති අතර ඒ කිසිවක් නොසලකා දීපාලි විෙජ්සුන්දර ට මෙම උසස්වීම ලබා දී තිබේ.ජෙනරාල් ෆොන්සේකාගේ සුදු කොඩි නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යන බව ෆොන්සේකා මහතාගේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා නඩු තීන්දුව දුන් දිනයේම පැවසීය.දැන් දීපාලි විනිසුරුවරිය අභියාචනාධිකරණයට පත්ව සිටී.
මේ අතර සුදු කොඩි නඩු තීන්දුවෙන් පසු ඇයට මරණ තර්ජන එල්ල වී ඇතැයි ඇය විදේශ මාධ්‍යයකට පවසා තිබිණ.

1 comment:

  1. Sudu kodi naduwa aanduwa dinapu nisa, Mahindaya mekita rathu wenna deela athi... Eka thamai me patta wesi natanne...

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.