November 26, 2011

සිරසේ ජිංගි ජිගං

සිරසේ අපි දන්න මරික්කාර් මහත්තයාටත් අපි නම්ගම් විලින් නොදන්නා මහඑවුන් පොඩිඑවුන් හැමෝම වෙතටයි..,


අප යුඑන්පී කාරයෝ හෝ රනිල් වාදියෝ නොවන මුත් සිරස වාදීන්ව සිටියෙමු. ඒ නිසාම මෙවැනි ලිපියක් ලිවීමේ අවශ්‍යතාව උදා වී ඇත. උතුරේ යුද්ධය ඉතාමත් දරුණුව ඇවිලිගිය කාළයේදී පවා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැතිණි. ඒ පිළිබඳ කොතෙකුත් තර්ක තිබුනද අපි සිටියේ තුවක්කු ගෙන තමන්ගේ එවුන් නැසීමට වඩා ආදරෙන් රෝස කටු සිඹින තරුණයෙකු බිහිකරගැනීම වඩාත් වටින බවයි. සිරසට ගිනි තියද්දි අපේ
හිස්ගෙඩිද පත්තුවිය. ඔබ සමග එක්වී අපිද එකාවන් ව මේ දේ කරපු එවුනට හෙණ හතම ගහන්න ඕනේ යැයි පැතුවෙමු.
ඔබ කොපි කාරයෙකු කී විට අපි කීවේ 'ඔව් හැබැයි ඔරිජිනල් කොපි එක' කියාය. පුලූවං නම් ඔබ තරම් හොදට කොපි කරන ලෙස අපි අභියෝග කළෙමු. එබැවින් මෙසේ කීමට අපට හැකියාවක් සහ අයිතියක් ඇත. ඒ අයිතියේ නාමයෙන් අප ඉල්ලා සිටින්නේ ඔබගේ ආදරණීය දීර්ඝකාලීන රසිකයන් වන අප ගොන්බූරු හැත්තක් නොකරන ලෙසයි.


දිර්ඝ කාලයක පටන් ඔබගේ දේශපාලනික ගමන් මග පිළිබඳව අප අධ්‍යනය කොට ඇත්තෙමු. එය යහපත් නොවුවද එයින් අයහපතක් සිදු නොවිණ. නමුත් දැනුදු ඔබගේ දේශපාලනික ගමන් මග පිළිබඳව අපට ඇත්තේ පැත්තක් ගැනීමේ ප්‍රශ්නය නොවන්නේය. ගරු මහින්දට කඩේ යෑමත් ඔබට හොදයි නම් අපට කම් නැත. (ඔබට ගිනි තිබ්බේ එතුමා නොවන්නේය) අප විරුද්ධ අපේ 'ලඟම නෑයා' අපව කඩේ යැවීමයි.
අපි ඔබේ දුකේදිත් සැපේදිත් ඔබ වෙනුවෙන් හ~ නැගු රසිකයින් මෙන්ම ඔබ ලඟින් සිටිමින් ඔබ දුන් දැනුමින් යම් පෝෂණයක් ලද පිරිසක් වෙමු. එබැවින් ඔබ දුන් දැනුම ඔබ විසින්ම විකෘති නොකරනු ඇතැයි සිතමු. මිනිසුන් විවේචනය කළ යුතු අකාරය සිරසින් කොපිකරපල්ලා යැයි අපි කීවේ ඔබ එය දක්ෂ අයුරින් සිදුකළ නිසවෙනි. දැන් අපට එසේ කීමට නොහැක්කේ ඔබ රනිල් විවේචනය කරනු වෙනුවට 'රනිල්ගේ ලන්කට් එක නිල් පාට නිසා එයාට මහින්ද සමග සම්බන්ධකම් ඇත' (2011.11.23 රාත්‍රි දහයේ ප්‍රවෘත්ති) යනුවෙන් උම්බෑ කියන තත්වෙටම පත්ව ඇති හෙයිනි.


එමනිසාම ඔබගේ ලඟම නෑයා වූ අප ගොන් හරක් රැලක් නොකරනු ඇතැයි තදින්ම විස්වාස කරමු. එසේම රසිකත්ව අයිතිය බුක්තිවිඳීමේ අයිතියද උල්ලංඝණය නොකරනු ඇතැයි සිතමු.


සිරස සිරස කෙලින් තබාගෙන ඉන්න. එවිට ලඟම නෑයා ඔබයි. ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා. සිරසට නැවත සිරස පහල වේවා.

2 comments:

  1. සිරසට වුනේ මේකයි. රනිල් කිව්වා කිලී මහරාජා යූ එන් පී ලැයිස්තුවේ මන්ත්‍රීකම් වලට බලපෑම් කරා කියලා. එක මහරාජට විස වුනා, උත්තර දෙනවා වෙනුවට මඩ ව්‍යාපාරයක් පටන්ගත්තා. ඇත්තටම රනිල් යූ එන් පී නායකත්වයට සුදුසු නැහැ. නමුත් සිරස ක්‍රියා කරන්නේ පවුද්ගලික පළි ගැනීමක විලාසයෙන්. සිරස හිතුවා රනිල් ගහගන්ඩ එයි කියලා, එක වෙන්නෙත් නැහැ. මහරාජාගේ එලියට ආපු හෙළුව වහගන්ඩත් බැහැ. දැන් සිරස නිවුස් බලන අය දන්නවා රනිල්ට මඩ ගහන තැනට එනකල් නිවුස් බලලා, චැනල් එක මාරු කරන්ඩ. වෙච්ච ප්‍රතිපලය තමයි සිරස ගැන මහජනතාව තුල තිබුන විස්වාසය බිඳ වැටීම.

    ReplyDelete
  2. උපුටා ගත්ත තැනත් දැම්මනං හොඳයි නේද?

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.