November 26, 2011

ලොකුසියගේ මිනිය හමුවේ-වද හින්සා පිට වද හින්සා

මීට මාසයකට පමණ පෙර නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් ලොකු සීයා අභිරහස්‌ අන්දමින් මරා දමා සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක්‌ බැඳ අක්‌කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්‌කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.


පැහැරගත් කණ්ඩායම විසින් ඔහුව ඝාතනය කිරීමෙන් පසුව සිරුර පොලිතින්වලින් ඔතා අක්‌කරෙයිපත්තුව මුහුද වෙත බෝට්‌ටුවකින් රැගෙන ගොස්‌ එය ගිල්වා දමා තිබෙන්නේ පොලිතින් උරය
කටුකම්බිවලින් ගැටගසා ඊට විශාල ගලක්‌ බැඳ දමමින් කිසිදිනක කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමටයි.


මිය යාමට පෙර උදරය ප්‍රදේශය සහ තවත් ස්‌ථාන කිහිපයක්‌ තියුණු ආයුධවලින් කපා දමා කෲර වධහිංසා පමුණුවා පසුව ඔහුගේ ගෙල සිරකර තිබූ බවද මළ සිරුර පරීක්‍ෂා කිරීමේදී හෙළිවී තිබෙනවා


මුහුදේ ගිල්ලවා තිබූ සිරුර විශාල ගලද සමඟ අක්‌කරෙයිපත්තුව මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ මීට දින 18 කට කලින්. මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගැනීමට නොහැකිව දින 18 ක්‌ තිස්‌සේ සිරුර අක්‌කරෙයිපත්තුව රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබී ඇත.


මෙම සිරුර පිළිබඳ ලැබුණු තොරතුරු මත පසිගියදා අක්‌කරෙයිපත්තුව රෝහලට ගිය ඥතීන් පිරිසක්‌ එම සිරුර ලොකු සීයාගේ බව හඳුනාගෙන තිබෙනවා. සිරුර සොයා ගන්නා අවස්‌ථාවේ එය දැඩිලෙස විකෘති නමුත් ලොකු සීයා හැඳ සිටි ඇඳුම්වලින් සහ ඔහුගේ අතක ඇඟිල්ලක තුවාලයක ගැටගසා තිබූ රෙදි පටියකින් ඥතීන් ඔහුගේ සිරුර හඳුනාගත් බව පොලිසිය පවසනවා.


පැහැර ගන්නා අවස්‌ථාවේ ලොකු සීයා රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටි බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබුනා.


විවිධ අදෘෂ්‍යමාන බලවේග භාවිතා කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ලොකු සියා විවිධ දේශපාලනඥයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක්‌ ලොකු සීයාගෙන් සේවා ලබාගත් පිරිස අතර වුනා.


ලොකු සියා ඇත විශාල ධනස්කන්ධයක් ගැවසුන අතර ඔහු එම පළාතේ මත්කුඩු වෙළඳාමට සම්බන්ධ ප්‍රධාන චරිතයක් බව ප්‍රදේශවාසින් සහ පොලිසිය හොදින් දනී.


මෙම මත්කුඩු ජාවරාම සිදුකරනු ලැබුයේ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා හා ලොකු සීයාත් ලොකු සීයාගේ පුතු පොඩි සීයාත් එකතුවයි.


මෙයට පෙරදී අප විසින් හෙලිකල පරිදි මාලක සිල්වා එක්ටසි පෙති ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධවී සිටින අතර එයට පොඩි සීයාගේ සහයෝගය ලැබේ.


ලොකු සියා ප්‍රධාන වශයෙන් හෙරොයින් වෙළඳාමට සම්බන්ධ වී සිටි අතර මෙම පැහැර ගැනීම සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍ය විකුණන වෙනත් කල්ලියක් සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙනි.


ලොකු සියා අත්අඩංගුවට පත්වීමත් සමග කලබලයට පත්වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා පොලිසියේ උසස් නිලධාරීන්ට කතාකොට කෙසේ හෝ ලොකු සියා සොයා දෙන මෙන් ඉල්ලා තිබුනා



No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.