November 18, 2011

ජනපතිදුනි ඔබට ඡිරං ජයතු

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 66 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.එසේ ම ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප‍‍්‍රාප්තියේ පළමු සංවත්සරය ද අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් දිවයින පුරා බොහෝ පින්කම් සහ ආශිර්වාද පූජා සංවිධාන කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුප‍‍්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි.
වසර 1930 දී හම්බන්තොට දිස්ත‍‍්‍රික්කයේ රාජ්‍ය මන්ත‍‍්‍රණ සභිකයෙකු වූ ”රුහුණේ සිංහයා” යන විරුදාවලිය ලත් ඩී. එම්. රාජපක්ෂ මහතා ඔහුගේ මාමණ්ඩිය යි.
කීර්තිමත් දේශපාලන චරිතයක් වන ඩී.ඒ.රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය.
ඔහු අවංක, උද්‍යෝගිමත්, ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වූ අතර තම
සොහොයුරා මෙන් ම හම්බන්තොට දිස්ත‍‍්‍රික්කයෙන් ශ‍‍්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත‍‍්‍රණ සභාවට තේරී පත් විය.
වත්මන් ජනාධිපතිවරයා ද භාවිතා කරනු ලබන ආකාරයේ කුරහන් පැහැති සාටකයක් පැළඳි ඔහු එමගින් තමාගේ ප‍‍්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය විදහා දැක්වී ය.
වසර 30ක් තිස්සේ පැවති ත‍‍්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කිරීම සඳහා මානූෂික මෙහෙයුමක් දියත් කර, වසර 3ක් වැනි කෙටි කාලයකදී යුද්ධය අවසන් කිරීමට ඔහු සේනාධිනායකයා ලෙස නායකත්වය දෙනු ලැබීය.
යුද ජයග‍‍්‍රහණයෙන් පසු 2010 ජනවාරී 26 දින පැවති ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පරාජයටපත් කරමින් දෙවැනි වරටද විධායක ජනාධිපතිධූරය සඳහා තේරී පත් විය.
රාජපක්ෂ මහතා 1970 වසරේදී ශ‍‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
එවකට 24 වැනි වියේ පසු වූ එතුමා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයාය.
එතුමාගේ පියා වන ඤූු. ඒ. රාජපක්ෂ මහතා ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.
වසර 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග‍‍්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය.
එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත‍‍්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ මහතා කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටි චරිතයකි.
මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරු අතර ඔහු ඉදිරියෙන් සිටියේය.
වසර 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු මහත්මිය සමඟින් එක් ව කටයුතු කළේය.
ඉන්දියාවේ කල්කටා ”විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂ මහතාට මානව අයිතිවාසිකම් සුරැුුකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප‍‍්‍රදානය කරන ලදී.
ශිරන්ති වීක්‍‍්‍රමසිංහ මෙනවිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.
වර්ෂ 1994 සිට 2001 දක්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ මහතා එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.
කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ‍‍්‍රී ලංකාවේ ප‍‍්‍රථම වරට කම්කරු ප‍‍්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළේද රාජපක්‍ෂ මහතා විසිනි.
කෙසේවවුද චන්‍ද‍‍්‍රිකා කුමාරතුංග රජය යටතේ එය ක්‍‍්‍රියාත්මක නොවිණි.
මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා මුල පිරුවේය.
ජනපති පදවිය දක්වා පැමිණීම
2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි.
2004 අපේ‍‍්‍රල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා සන්ධානය ජයග‍‍්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අපේ‍‍්‍රල් 06 වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ‍‍්‍රී ලංකාවේ 13 වැනි අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලදී.
2005 නොවැම්බර් මස 17 වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ‍‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී.බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වැනිදා ශ‍‍්‍රී ලංකා ප‍‍්‍රජාතාන්ත‍‍්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

1 comment:

  1. ane ponna president.....thota hena gahalama meriyan.....genaral ta baya nethnam nidahas karapan ponna p..k..ya..etakota balapan thotai ..thoge ponna gota tai mokada wenne kila...tho merenneth ballek wage ...preme wage...gajaba from london

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.