November 15, 2011

‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුටද?’’ - මර්වින් සිල්වා ආවේෂ වෙයි

මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද උදෑසන සිය අමාත්‍යංශයේදී ‘news hora’ වෙබ් අඩවියේ පසුගියදා පළ වී තිබූ ‘වෙබ් සයිඞ් කාරයෝ දාන්නෙ බොරුමයි’ යන ප‍්‍රවෘත්තිය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පෙන්වන ලදුව මාරාවේෂයට පත් වී සිය හෙංචයියා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වා ගෙන්වා අමුතිත්ත කුණුහරුපෙන් ඔහුට බැණ වදිමින් ‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුට?’’ දැයි අසමින් පහරදීමට තැත් කර තිබේ.

එසේ පහර දුනහොත් ‘කළු රංජා’ මීට වඩා දේවල් වෙබ් සයිට්වලට හෙළිකරතැයි අමාත්‍යංශයේ නිලධාරීන් පෙන්වා දුන්

පසු, බැණ වැදීමෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවූ බව ‘news hora’ වෙත වාර්තා වේ.

‘‘බලපන්...මුං මගේ බෑන්ක් එකවුන්ට් විස්තරත් දාලා. මගේ බෑන්ක් එකවුන්ට් තියෙන තැන් දන්නේ උඹ විතරයි. ඊටත් වඩා ගෙදර ට‍්‍රන්ක පෙට්ටිවල තියෙන සල්ලි විස්තර. ඒක දන්නෙත් උඹ විතරයි. ඩොලර් ටික පුස් කාලා කියලත් දන්නෙ උඹ විතරයි. බලපත් දැන් ඒව ලෝකෙම දන්නවා. තොපි වගේ එවුන් තියන් ඉන්න මටයි වෙඩි තියන්න  ඕනෙ. බීගත්තහම තොපි මොනවද කරන්නෙ? මොනවද කියවන්නෙ? කියල තොපිම දන්නෙ නැහැ’’ යි කියමින් මර්වින් සිල්වා කෑ ගසා තිබේ.

ඊට උත්තර දී ඇති ‘කළු රංජා’ පවසා ඇත්තේ, ‘‘බුදුම්පා ඇමතිතුමා, මං  ඕව කිසිම තැනක කියන්න ගියේ නෑ.  ඕක මාළිගාවත්තේ ඩොනල්ගේ වැඩක්. ඌ තමයි හැමදාම කැළුම් ශී‍්‍රමාල්ලා, නිමල් ලක්‍ෂපති ආරච්චිලා වගේ මීඩියා කාරයොත් එක්ක බොන්නෙ.  ඕක ඩොනා අමලූත් එක්ක එක්කහු වෙලා ඇමතිතුමාවයි මාවයි කොටවන්න ගහපු ගේමක්’’ කියායි.

පසුව රංජන්ව එම ස්ථානයෙන් එළවා දමා ඇති මර්වින් සිල්වා පි‍්‍රන්ට් කරන ලද ප‍්‍රවෘත්තිය සාක්කුවේ දමා ගනිමින් අමාත්‍යංශයෙන් පිටව ගොස් තිබේ. මෙම සිද්ධිය පිළිබඳව දැනුම්දීමට මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී ඇති ‘කළු රංජා’ පවසා ඇත්තේ, ‘‘අපේ ඇමතිය නම් මාර වලක වටෙන්න යන්නෙ. අමලය ඊයෙ පෙරේදා ඉන්දියාවෙන් ආපු කුඩු සල්ලි ලක්‍ෂ 200 ක් ගෙනත් දීලා. දැන් ඇමතිතුමාට අමලයට වඩා එකෙක් නෑ. බලහන්කො....හෙට සෙනසුරු මාරුවෙන් පස්සෙ මෑන්ට වෙන දේ’’ කියාය.

හෙට සිදුවීමට නියමිත සෙනසුරු මාරුව පිළිබඳව දැඩි අවදානයෙන් සිටින මර්වින් සිල්වා ඇමතිතුමා, මේ දිනවල දවසේ වැඩි කාලයක් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වමින් දෙවියන්ට කන්නලව් කරමින් තමාත් තම පවුලේ උදවියත් තම ගැහැණු සහ පිරිමි මිතුරනුත් සෙනසුරු අපලයෙන් පළමුවෙන්ම බේරා දෙන ලෙසත්, ඒ සියලූම අය බේරාදීමෙන් අනතුරුව ඉඩක් තිබේ නම් පමණක් ජනාධිපතිවරයාත් බේරා දෙන ලෙස කන්නලව් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

1 comment:

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.