November 10, 2011

ප්‍රේමජයන්ත සහ මෛත්‍රීපාල සම්බන්ධ රහස්‍ය වාර්තාවක් කැඳවයි !!!!!!!

එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවුණු දුරකතන සංවාදයක් ආරක‍ෂක අමාත්‍යාංශයේ දෙවන මහලේ ක්‍රියාත්මකවන විශේෂ ඒකකයක් මගින් පටිගත කිරීමෙන් අනතුරුව එම පටිගත කිරීම ආරක‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය
රාජපක‍ෂ මහතාට (බය ගෝතා) ලබා දී ඇති බව වාර්තාවේ.


එසේ ලබාදුන් හ~පටය ශ්‍රවනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය රහස් සේවයේ අධ්‍යක‍ෂක වාකිෂ්ට මහතා වහා ආරක‍ෂක අමාත්‍යාංශය වෙත කැඳවා ඇති ආරක‍ෂක ලේකම්වරයා (බය ගෝතා) අදාළ ඇමැතිවරුන් දෙදෙනා සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව රහස්‍ය වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කොට තිබේ.


ආරක‍ෂක අමාත්‍යාංශයේ දෙවන මහලේ පිහිටා ඇති මෙම පටිගත කිරීමේ ඒකකය පිටස්තර පුද්ගලයන්ට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක්වන අතර එහි නවීන තාක‍ෂණය සහිත උපකරණ රැසක් ඇති අතර දේශීය සේවකයන්ට අමතරව විදේශීය සේවකයන් කිපදෙනෙකුත් සේවයේ යෙදෙමින් සිටින බව වාර්තා වේ. ඔවුන් සියලූ දෙනා තම රාජකාරිය සිදුකරනු ලබන්නේ ආරක‍ෂක ලේකම්වරයාගේ (බය ගෝතා) ඍජු සහ සම්පූර්ණ අධීක‍ෂණය යටතේ බව වැඩිදුරටත් වාර්තාවේ.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.