November 10, 2011

පාඩු ලබන ආයතන ආණ්ඩුවට ගන්නවාට රනිල් කැමතියි

 පාඩු ලබන ආයතන ආණ්ඩුවට ගන්නවාට රනිල් කැමතියිඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට එක්සත් ජාතික පක්ෂ නායකයා පක්ෂපාතී බව රෝහිත අබේගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
අදාළ පනත ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නොසිටීමෙන්ම ඒ බව තහවුරු වන බව හෙතෙම අවධාරණය කළේය.
 කවුරුන් මොනවා කීවද පාඩු ලබන ආයතන රජයට පවරාගැනීම තුළින් සිදුවන්නේ යහපතක් බව විපක්ෂ නායකවරයා මෙන්ම මේ රටේ ජනතාවද හොඳින් දන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

එ.ජා.ප නායකයා විදෙස් ගතවන අවස්ථාවේදී නායකත්වයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය නායකයින් දෙදෙනකු සිටියදී ඒ දෙදෙනාම විශ්වාස නොමැති හෙයින් ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාට පැවරීම තුළින්ම එ.ජා.පයේ අර්බුදය මැනවින් පිළිබිඹු වන බව හෙතෙම සඳහන් කළේය.          

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.