January 7, 2014

අනුර සේනානායකගේ කප්පම් සල්ලි එකතු කළ එස්අයිගේ වැඩ තහනම් කර දවසයි

පොලිසියේ වැඩ තහනම් කළ දූෂිත නිලධාරියෙකු සම්බන්ධව නිසි පරීක‍ෂණයක් නොතබා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ හිතුමතයට යළි සේවයේ පිහිටවිය හැකිද යන ප්‍රශ්නය පැන නැග තිබේ. එසේ කෙරෙන්නේ නම් අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද දූෂනයට උඩ ගෙඩි දෙන සහ ආයතන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වන බැවින් ඔහුටද එරෙහිව විනයානුකූල පියවර නොගන්නේද යන්න දෙවැනි ප්‍රශ්නයයි.

මෙස් ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ පසුගිය 28 දා වැඩ තහනම් කළ පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක‍ෂක මුණසිංහ නමැත්තාට විරුද්ධව පරීක‍ෂණයක් නොපවත්වා යළි ඔහු 30 වෙනිදා බොරැල්ල පොලිසියේ සේවයට අනුයුක්ත කිරීමට කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ක්‍රියා කර ඇති බැවිනි.

පිටකොටුව ඕල්කොට් මාවතේ අනවසර වෙළෙඳුන් පිරිසකගෙන් අල්ලස් ලබා වෙළඳාම් කිරීමට ඉහත කී උප පොලිස් පරීක‍ෂක මුණසිංහ නමැත්තා කටයුතු කර තිබේ. ඔහු විසින් ලබා ගන්නා ලද අල්ලස් මුදල් සත්‍ය වශයෙන්ම ගොස් ඇත්තේ අනුර සේනානායකගේ සාක්කුවට ය. කෙසේ වෙතත් මෙය හසුවූයේ එම කලාපයේ වැඩ බැලීමට පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරී ආරියරත්නගේ අතටම ය. එම කලාපයේ ස්ථීර සහකාර පොලිස් අධිකාරීවරයා වූ ජයරත්න නමැත්තා ද අනුුර සේනානායකගේම ගෝලයෙක් බැවින් අල්ලස් ලබා ගෙන අනවසර වෙළෙඳුන්ට වෙළෙඳාම් කිරීමට ඉඩ දී තිබී ඇත. තාවකාලිකව වැඩ බැලීමට පැමිණි ආරියරත්න මේ ගනුදෙනුවේ පාර්ශව කරුවෙකු නොවූ බැවින් මුදල් ලබා ගත් උප පොලිස් පරීක‍ෂක මුණසිංහ ගේ වැඩ තහනම් කර තිබේ. ඒ පසුගිය 28 දාය.

"මම කාගේවත් නියෝග පිලිපදින්නේ නෑ මං පිලිපදින්නේ අනුර සේනානායක මහත්තයාගේ නියෝග පමණයි" යැයි වහසි බස් දෙඩැවූ මුණසිංහ තමා යළි සේවයේ පිහිටුවන්නැයි කියා අභියාචනයක් කරමින් ලිපියක් අනුර සේනානායක අතට 29 දා පත් කර ඇති අතර එම ලිපිය අනුව අනුර සේනානායක විසින් 30 වෙනිදාම මුණසිංහව බොරැල්ල පොලිසියේ සේවයට අනුයුක්ත කර ඇත.

මෙය සම්පූර්ණයෙන්ම දෙපාර්තමේන්තු නියෝග පමණක් නොව ආයතන සංග්‍රහයද උල්ලංඝනය කෙරෙන බරපතල ඝනයේ විෂමාචාරයකි. එකක් නම් කිසියම් චෝදනාවක් නගා තමාගේ සේවය තහනම් කළා නම් ඔහු විසින් අදාල අභියාචන ලිපිය යොමුකළ යුත්තේ සේවය තහනම් කළ නිලධාරියා මගින් ඉහලට මිස එක එල්ලේ ඉහල නිළධාරියෙකුට යොමු කළ නොහැකිය. දෙවැන්න නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අභියාචනයක් ලත් පමණින් දූෂණ චෝදනාවක් ඇති පහල නිලධාරියෙකු පිලිබඳ පරීක‍ෂණයක් නොපවත්වා යළි සේවයේ පිහිටැවිය නොහැකිය. එය බලය අයුතු ලෙස යෙදැවීමක් පමණක් නොව ආයතන සංග්‍රහය සහ දෙපාර්තමේන්තු නියෝග හිතාමතාම උල්ලංඝනය කිරීමකි.

තම තෙවැනි සේවා දිගුවත් සමග අනුර සේනානායක, නීතිය තමන් අත යැයි හෝ තමා යනු නීතිය යැයි කියා හෝ සිතනවා විය යුතුය. එසේ නැතිනම් තමන්ගේ කප්පම් මුදල් එකතු කරන එකාගේ වැඩ තහනම් කරන්නේ කෙලෙසද කියා සිතුවා විය හැකිය.

කෙසේ වෙතත් පොලිසියේ සිටින එක එක බල්ලන්ට එක එක අයුරින් උඩු බුරන්නට, හපා කන්නට, වලිග වනන්නට ඉඩ දී පොලිස්පතිවරයා තම වලිගය දෙපරැන්ද අස්සේ රුවා ගෙන සිටිනවා යැයි පොලිස් ප්‍රජාවට සහ මහජනතාවට සිතුනොත් එය පොලිස්පති තනතුරටත් ඉලංගකෝන් යන නමටත් දෙකටම හොඳ නැත.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.