January 7, 2014

සංස්කෘතික ඇමැති ටීබී ප්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔතප් බිඳලා

යමක් තේරෙන භාෂාවෙන් කීම ඇසීමට බොහෝ අය කැමතිය. මේ කතාව ද තේරෙන භාෂාවෙන් කීම මේ ආකාරයෙන් පහසු නිසා මෙය මෙසේ කියන්නෙමු.

පහුගිය දවසක ටෙලිනාට්‍ය හදන කට්ටියකගේ හමුවකට අපේ රටේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක කඩාපාත් වී තිබේ. මේ කඩා පාත්වීම ගැන ටෙලි නාට්‍ය හදන කණ්ඩායමේ කට්ටිය දැන සිටියා විය යුතුය. මේ පිරිසට එකතු වූ ටීබී ලොක්කා සුපුරුදු කයිවාරු ටික ගසමින් එම ටෙලි නාට්‍ය හදන කට්ටියේ සිටි නිෂ්පාදිකාවක් හා ජනප්‍රිය රංගන ශිල්පිණියක් ද වන අයෙකු පිළිබඳ දැඩි ආශාවකින් පෙළෙමින් කෙළ හලා ඇත.

එම රංගන ශිල්පිණිය එතැනට පැමිණෙන්නට පෙරම ටීබී ලොක්කා ලොකු වංගුවක් ගැනීමට සූදානම් ව එතැන සිටි තරුණ පහේ අධ්‍යක්ෂවරයෙකුට ලප සාස්තර කියන්නට පටන් ගෙන ඇත. දෙවන තුන්වෙනි වංගු ගෙන ඇත්තේ එතැන සිටි නිළි නිෂ්පාදක වරියන් දෙදෙනෙකුගේ පවුල් ජීවිත ගැන කියමිනි. මේ වනවිට ටී බී බීමත්ව කාමය අවුස්සවාගෙන සිට ඇත.

ටීබී තරුණ ජනප්‍රිය නිළි නිෂ්පාදිකාව තමන්වෙතට ලං කරගන්නට යෙදූ උපක්‍රමය ට නාට්‍ය හදන කට්ටිය මාර සපෝර්ට් එකක් දී ඇත. ඒ සාස්තර කීමට ටීබී ට බලයක් ලැබී ඇති බව කට්ටිය මුණු මුණු ගා ඇයට පවසමිනි. දැන් ටී බී මහ වංගුව ගෙන ඕනැ වූ නිළි කෙල්ල සමීපයට ගෙන ලප පිළිබඳ විමසා පිටිපස පැත්තෙන් ලප බලන්නට ඇඟිලි දමන්නට ගොස් එම නිළිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් ලප සහ තුවාල කැළාල් විමසිමින් එම නිළියව අතින් ඇද ටීබී ලොක්කා බදාගන්නට ගොස් තිබේ.

ටීබී ලොක්කා මේ නාඩගම පටන් ගැනීමට පෙරම ජංගම දුරකථන ජායාරූප ගැනීම වීඩියෝ කිරීමද තහනම් කර තිබේ. ටෙලි නාට්‍ය හදන කට්ටිය මේ නිළි කෙල්ලට ප්‍රසිද්ධියේ ටීබී ලොක්කා ලිංගික බලහත්කාර කම් කරනවා බලා සිට ඇති අතර කිහිප දෙනෙක් පමණක් මෙයට විරුද්ධව කර කියාගත හැකි දෙයක් නොමැතිව සිට ඇත.

මෙය දේශපාලනඥයෙකු විසින් ප්‍රසිද්ධියේ ගැහැනියකගේ හිරි ඔතප් බිඳීමට තැත්කිරීමකි.

ලප සාස්තර කීමේ මුවාවෙන් ටීබී ලොක්කා එම තරුණ නිළියව අතින් ඇද සිරුරේ පාට සසඳමින් එම නිළියගේ සිරුර ස්පර්ශ කිරීමත් අතින් ඇද ඇමතිවරයාගේ පපුවට ලංකර ගැනීමත් ටීබී ලොක්කාගේ දනහිස් මත එම නිළියගේ කකුල් වරින් වර තබා ගැනීමත් ලප සාස්තරයේ මුවාවෙන් ලිංගික අජන්තේට්ටම් කිරීමක් බව ඕනැම ගොං වස්සෙකුට වුවත් තේරේ.

මේ නිළිය ඇමතිවරයා තමාට ප්‍රසිද්ධියේ කරන්නට හැදුවේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව අන්ද මන්දව සිට ඇත. ජිනා මැඩම්ගේ තිප්පොලේ සිට හසුව ජාමේ බේරාගත් ටීබී මේ ආකාරයේ ලප සාස්තර කියමින් ප්‍රසිද්ධියේ ගැහැනුන්ගේ හිරි ඔතප් බිඳීම හිරේ දැමිය හැකි වැරැද්දකි.

ලංකාවේ ජනමාධය අමාත්‍යවරයා ටෙලි නාට්‍ය විකාශය කිරීමට නිළියන්ව ඉල්ලා සිටින විට සංස්කෘතික ඇමතිවරයාද ලප සාස්තර කියමින් නිළියන්ව අල්ලා අතින් ඇද සිප ගන්නට තැත්කරයි .

මේ රටේ ඇමතිවරුන්ට සහ ඊට උඩින් ඉන්න එකාලටත් උන්ගේ දරුවන්ටත් ගසා ඇත්තේ අරුම පුදුම නිළි මොරයකි. මේ රටේ ආණ්ඩුවේ ඇමතිවරු නිළිියන් සමග පවත්වන සම්බන්ධකම් දෙස බැලූ විට ලෝකයේ අමාත්‍යවරුන්ගෙන් වැඩිම නිළියන් සමග සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරු ඉන්නේ ලංකාවේය. නිළියන් කැමතිනම් අපිට මොකෝ කීවාලූ.

ටීබී ලොක්කා නිළි නංගිගේ ලප ඇල්ලීමට උත්සාහ කිරීම සහ ඇයගේ අතින් ඇද තුරුල් කරගැනීම පිළිබඳ ටෙලි නාට්‍ය හදන කට්ටිය ප්‍රසිද්ධියේ කතා කිරීම නවතා දමන්නැයි එහි සිටි ප්‍රධානීන් පවසා ඇත. මේ නාඩගම බලා සිටි ලංකාවේ මහා ටෙලි නාට්‍ය හදන කට්ටිය අතර ගැහැණු අයද සිට ඇත. ඒ අයටද දියණිවරුන් සිටී. එතැන සිටි පිරිමි ටෙලි නාට්‍ය හදන කට්ටියටද ඒ වයසේ දියණිවරුන් සිටී. ඒත් ඒ අය ටීබීට සහ ආණ්ඩුවට නොසෑහෙන්න කඩේ යන නලාකාරයන් නිසා කට වසාගෙන සිටියහ .

මේ ටෙලි නාට්‍ය කට්ටිය තම සහෝදර ටෙලිනාට්‍ය සාමාජිකාවට සිදුවූ අකරතැබ්බයට ටීබීට විරෝධය පාන්නේද නැත. ටීබීගේ අලූත් සාස්තර කීමට වෙනත් අය හසුවන්නට පෙර මේ පිලිබඳ හෙළිකිරීමට අපට ඕනෑ වූ නිසා මෙසේ ලියා එව්වේ ය.

දේශපාලන බලයට මුවාවී මෙවන් කුපාඩියන් කෙල්ලන් ට ප්‍රසිද්ධියේම ලිංගික බලපෑම් කිරීමට තරම් එඩිතර වී ඇත්තේ මුන්ගෙන් යැපෙන පිම්පි නලා කාරයන් කලා කාරයන් ලෙස වේෂ නිරූපනය කරගෙන සිටින නිසාය.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.