අපි යම්තම් බේරුණේය. බේරුණා නෙවේ බේරා දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 27 ක් අපිට කෙලවන්නට උත්සාහ කරද්දි අපිට ආදරේ කරන රටවල් 43 ක් එකතුවී අපිව බේරා ගත්තේය. ඒ රටවලට අපි ස්තූතිවන්ත විය යුතුය. එසේම ඒ රටවලට මග පෙන්වීම හා අවශ්‍ය ධෛර්ය ලබා දීම ගැන ඕස්ට්‍රේලියාවට අපේ අති විශේෂ ස්තූතිය
හිමි වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙල දිනා ගැනීමට ශාන්ත කිට් දිවයිනට ගිය මෙගා කණ්ඩායමේ වියදම්ද ඇතුලුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1000 කට වඩා වියදම් කර ඇතැයි කියවේ.
මිනිස්සුන්ට මෙන්ම රටවලටද කරන්නට පුලුවන් දේවල්ද බැරි දේවල්ද තිබේ. තමන්ට කරන්නට බැරි දෙවල් මොනවාදැයි ඒ ඒ රටවල් අවබෝධ කර ගෙන සිටියා නම් කැම්පේන් වලට වියදම් කල කෝටි ගනන් මුදල් ඉතිරි කර ගන්නට තිබිනි. තමන්ට බැරි බව රටේ පාලකයින් නොදන්නා නිසා වියදම් වන්නේ රටේ පොදු මහජන මුදල්ය.
රටේ අය වැයෙන් වැඩි කොටසක් ණය පොළී වාරික ගෙවීමට වැය කරන ලංකාවට මේ මංගල්ලය කිරීමට ඩොලර් කෝටි ගනන් ණයට ගැනීමට සිදු වන්නට ඉඩ තිබුණි. නමුත් දැන් අඩුම ගණනේ රජ කුමාර වරුන්ගේ සිහින සැබෑ කරන්නට වියදම් කිරීමට සැලසුම් කල අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් නොහොත් රුපියල් මිලියන 60,000 ක ණය බර මේ රටේ ජීවත් වන අහිංසක මිනිසුන්ගේ කර මත පැටවෙන්නේ නැත.
බැරිවෙලාවත් 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවේ පවත්වන්නට ලැබුණා නම් අපටත් වන්නේ 2004 අවුරුද්දේ ශත සංවත්සර ඔලිම්පික් උළෙල පවත්වා ග්‍රීසිය වැටුණු වලේම වැටීමටය. එනම් සම්පූර්ණයෙන්ම බංකොලොත් වීමටය. නමුත් ග්‍රීසිය බේරා ගැනීමට යුරෝපා සංගමය හෝ සිටී. එහෙත් අපේ අතිජාත මිත්‍ර ගඩාෆිත් වල කජු ගසා ඇති තත්වය තුල අපට හොම්බෙන් යෑමට සිදු වීමට ඉඩ තිබුනි.
ඒ රුදුරු ඉරණමෙන් අපිව බේරා ගත් ඕස්ට්‍රේලියාව ඇතුලු අපේ කළ්‍යාන මිත්‍ර රටවල් 43ට අපේ ස්තූතිය.
November 13, 2011
Subscribe to:
Post Comments (Atom)
සිරා කථාව.. හික්ස්
ReplyDelete