November 2, 2011

ලංකා-ඊ-නිවුස් තහනම් කරගැනීමේ ප්‍රෝඩාව අතේ පත්තු වෙයි

ඉතාම මධ්‍යස්ථ™ පුවත් අතිශය වගකීමකින්™ යුතුව ගෙන ආ, කිසිම විටෙක චරිත ඝාතන කර නොමැති, එහි කතුවරුන් සුරාවෙන් සූදුවෙන් තොර™, සොර ස්ත්‍රී සේවනය යන්න අසාවත් නැති, ආගම දහමට ලැදි™, 150% ක් සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති, ලංකා-ඊ-නිවුස් විද්‍යුත් පුවත් පත, රෙජීමයක්™ විසින් වාරණය කර ඇති බව එම වෙබ් අඩවියේම සඳහන් කරගෙන ඇති බැවින්, එමගින් ශ්‍රී ලාංකික අන්තර්ජාල පාථකයන්ගේ බුද්ධිමය සෝදාපාළුවක්™ ඇති විය හැකි බවත්, ජනමාධ්‍ය නිදහසට™ එල්ල වූ මරු පහරක් බවත් කියමින් ඉකි බිඳිනා මානුෂවාදීන්ගේ™ විරහ වේදනාව දැක අපිටත් ඒ ගැන තාක්ෂණානුකූලව සෙවීමට සිතක් පහළ වුනා.
184.172.224.185 යන IP එක තිබෙන “server” එකේ තමයි ලංකා ඊ නිවුස් එක “host” කරලා තිබෙන්නේ. http://www.softlayer.com/ නම් ආයතනයෙන් ලබාගත් “dedicated server” එකක තමයි මේක පවත්වාගෙන යන්නේ.

පහත “Image” එකේ තිබෙන්නේ www.lankaenews.com “address” එකට, “DOS” විධානයක් වන “tracert ” භාවිතයෙන් කරන ලද ”trace” එකක්. මේකෙන් අපිට පැහැදිලි කරගන්න පුලුවන් “SLT ADSL” භාවිතා කරන කෙනෙක් කිනම් “exchange” හරහා ගිහිල්ලද ලංකා ඊ නිවුස් එකට පිවිසෙන්නෙ කියලා.

ඉහත “screenshot” එකෙහි අංක 1 සිට 18 දක්වා ඇත්තේ “lankaenews.com” වෙත ලංකාවේ “SLT ADSL client” කෙනෙක් සිදුකරන ඉල්ලීමක් ගමන් ගන්නා මාර්ගයයි.
අංක 2 සිට 5 දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ජාලය තුළින් ලංකා ඊ නිවුස් වෙත කල ඉල්ලීම ගමන්ගත් ආකාරයයි.
අංක 5 න් පසු එළඹෙන 8 වන අවස්ථාවේදී එම “request” එක ටෙලිකොම් ජාලයේ සිට 195.69.146.82 වෙත එනම් “Noord-Holland” හි පිහිටි “Amsterdam Internet Exchange B.V.” එක වෙත පිවිසෙයි. මින් පසු එලඹෙන අංක 16 අවස්ථාවත් පසුකරගෙන ඔබට පෙනෙනවා ඇති ලංකා ඊ නිවුස් වෙත යැවූ “request” එක 184.172.224.185 වෙත එනම් ලංකා ඊ නිවුස් “web server” එක වෙතම යන අන්දම. ලංකා ඊ නිවුස් වෙත පිවිසීමට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් බාධාවක් කර නැති බව මෙය හොඳින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට වටහාගන්න පුළුවන්.
ඒ කියන්නෙ ලංකාවෙ “ADSL client” කෙනෙක් ලංකා ඊ නිවුස් එකට කරන “request” එකක් ලංකාවෙන් පිටට යනවා. ආණ්ඩුවෙන් “block” කිරීමක් කළානම් ඒක වෙන්න විදියක් නැහැ.
“Amsterdam Internet Exchange” එකෙන් පස්සෙ පිවිසෙන්නෙ. 50.97.18.243 ට. එනම් “SoftLayer Technologies Inc.” එකේ “servers” වලට. මේ “server” හෝ “cloud” එකේ තමයි ලංකා ඊ නිවුස් අටවගෙන ඉන්නෙ.
ඒ කියන්නෙ ලංකාවෙන් යන “request” එකක් ඊ නිවුස් අටවගෙන ඉන්න “server” එකටම යනව. ඉතින් මෙහෙම තියෙද්දිත් මේ “පත්තර කාරයො” කියනවනම් ලංකාවෙ ආණ්ඩුවෙන් මේක “block” කරල කියල, ඒක අතේ පත්තු වෙන ප්‍රෝඩාවක්.
මේ තියෙන්නෙ ලංකාවෙ ආණ්ඩුවෙන් “block” කරපු අසභ්‍ය වෙබ් අඩවියක් සඳහා කල “trace” එකක්.

පේනවනේ ඒ “request” එක “SLT” එකෙන් “reslove” කරන්නෙ නෑ. “block” කරපු සයිට් වලට කරන “request” ලංකාවෙන් පිටට යන්නෙ නෑ. ඒත් “block” කළා කියල කියාගන්නා ඊ නිවුස් එකට කරන “request” විතරක් යනවා. :D
මේකෙන් ඉතා පැහැදිලිව කියන්න පුලුවන් ලංකා ඊ නිවුස් එකේ අයම, තමන් කෙරෙහි පාථක අනුකම්පාව ලබාගැනීමටත්, රජය කෙරෙහි පාථකයින්ගේ ද්වේශය වර්ධනය කිරීමටත්, කරගෙන ඉන්න දෙයක් මේක. එහෙම නැතුව ලංකාවෙ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි. තමන්ගෙ පාලනය යටතේ තියන “server” , “domain name” මේ අන්දමට ඕනෑම රටකට හෝ කලාපයකට නොපෙනෙන ලෙසට “configure” කරන එක ලොකු දෙයක් නෙවෙයි.

ලංකා ඊ නිවුස් එකට අයත් .com සහ .org ඩොමේන් දෙකම එකම සර්වරයට අනුබද්ධිත බවට මූලාශ්‍රය
හැබැයි ඒ අයට එකක් අමතක වෙලා තිබෙනවා, එනම් මේ “IP” එකට සම්බන්ධ අනිත් “domain” එක හරහා ලංකාවෙන් එන “request” “reject” කරන පරිදි සැකසීමට. ඒ “domain” එක තමයි lankaenews.org ඒක යස අගේට ශ්‍රී ලංකාව තුළ වැඩ කරනවා. මේකෙන් ලංකා ඊ නිවුස් අයිතිකරුවන් තමන්ගේම වෙබ් අඩවිය බ්ලොක් කරගැනීමේ නිරුවත ශ්‍රී ලාංකික පාථකයන් ඉදිරියේ, පරිකල්පන හීනතාවයේ රෙද්ද උස්සලා පෙන්වාගන්නවා. :D මේකෙන් බලාගන්න පුලුවන් මේ “domain” එක ලියාපදිංචි කරගත්ත කෙනාගෙ විස්තර.

මීට පෙරද මතවාදීව නිරුත්තර වීමේදී සමහරක් රටට ජාතියට හතුරු බ්ලොග් කරුවන් ලැජ්ජාව ඉවසා ගන්නට නොහැකිව තම බ්ලොගයන් “delete” කරගත්තා සේ, යන්තමින් හෝ ලැජ්ජාවක් තිබේනම්, පුවත් යැයි කියාගන්නා රටට වින කරන වසුරු පොදි හිස මුදුනේ තියාගෙන ශ්‍රී ලාංකික පාථකයාව ගොනාට ඇන්දවීමට හදමින් ඩොලර් සඳහා යන ගමන ඔවුන් මින් පසුවවත් වෙනස් කරනු ඇතැයි කියල පෙරමුනේ රාළගේ අ‍ටුවාවේ අපි විශ්වාස කරනවා. මීට පෙර අධිකරණයට අපහාස වෙන පරිදි බොරු පළ කර අධිකරණයෙන් සමාව ගත්තාක් සේම, තම වෙබ් අඩවිය ආණ්ඩුවෙන් ”block” කළ බවට කෙප්පයක් ගොතා තම පාථකයාව ගොනාට ඇන්දවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා, ඒ සඳහා හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.

4 comments:

  1. SLTSLT එක Block කරලා තියෙන්නේ IP Address එක නෙමේ lankaenews.com කියන Doman name එකයි. මම හිතන්නෙ ඔයාලගෙ දැනුම මදි.

    ReplyDelete
  2. ඉහත ලිපිය කියවූ ගමන්ම මම උත්සාහ කළා www.lankaenews.org වෙත යන්න. නමුත් යැවුනේ www.lankaenews.com වෙත. එහිසිට සිංහල දෙමල හෝ ඉංගිරිසි සයිට් එකකටවත් යන්ඩ බැහැ. මම දැන් දවස් ගානක ඉඳල ලංකාඊනිවුස් බලන්නේ ප්‍රොක්සි හරහා.

    ReplyDelete
  3. Traceroute has started…

    traceroute: Warning: www.xvideos.com has multiple addresses; using 69.55.52.200
    traceroute to xvideos.com (69.55.52.200), 64 hops max, 72 byte packets
    1 192.168.1.1 (192.168.1.1) 2.312 ms 0.841 ms 0.759 ms
    2 220.247.232.39 (220.247.232.39) 35.156 ms 39.365 ms 36.100 ms
    3 222.165.184.150 (222.165.184.150) 239.049 ms 35.692 ms 36.839 ms
    4 222.165.130.205 (222.165.130.205) 31.959 ms 35.232 ms 32.764 ms
    5 222.165.130.2 (222.165.130.2) 37.075 ms 36.756 ms 36.164 ms
    6 mei-b1-link.telia.net (213.248.77.17) 154.861 ms 149.980 ms 149.632 ms
    7 prs-bb1-link.telia.net (80.91.247.196) 161.914 ms 184.528 ms 162.482 ms
    8 prs-b2-link.telia.net (80.91.246.247) 174.824 ms 181.428 ms
    prs-b2-link.telia.net (80.91.251.47) 166.042 ms
    9 * * *
    10 * * *
    11 * * *
    12 * * *
    13 * * *
    14 * * *
    15 * * *
    16 * * *
    17 * * *
    1
    27 * * *
    traceroute: sendto: No route to host
    28 traceroute: wrote xvideos.com 72 chars, ret=-1
    *
    41 * * *
    42 * * 69.55.52.200 (69.55.52.200) 254.113 ms

    මම ඔය ෙපස්ට කර තිෙයන්ෙන් අපිට යන්න බැරි ෙවබ් අඩවියක් තමයි. ඔ්‍යාලා කියන විදිහට ෙමෙක් එෙහම අවුලක් ෙපන්ෙන් නැ ෙන්

    ReplyDelete
  4. moda yakune hama page ekak ma click karanakota ,block karala thiyena site eke IP eka , www.xyz.com thiyena thanata PAST karala navatha ENTER karanu.. evita prathipala Labenu atha ......

    tharaka from Kandy.......

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.